Pages - Menu

Pages

Pages

Sunday, September 15, 2013

කුඩු කන්ටේනරයට පාකිස්‌තාන් අයිතිකරුවෝ තිදෙනෙක්‌

රේගු නිලධාරීන් විසින් පසුගිය දින අත්අඩංගුවට ගනු ලැබූ මත්කුඩු අඩංගු කන්ටේනරයේ (දකුණු ආසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ විශාලම මත්ද්‍රව්‍ය තොගය) පකිස්‌ථාන් ජාතික අයිතිකරුවන් තිදෙනකු සිටින බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බව ජ්‍යෙෂ්ඨ පොලිස්‌ ප්‍රකාශකයෙක්‌ පැවසීය.

දැනට මත්ද්‍රව්‍ය අංශ පොලිස්‌ නිලධාරීන් භාරයේ සිටින පකිස්‌ථාන් ජාතික සැකකරු මෙම තොරතුරු හෙළි කළ බව පොලිසිය කියයි.

මෙම පකිස්‌ථාන් ජාතිකයන් තිදෙනා ජාත්‍යන්තර මට්‌ටමේ මත්කුඩු ජාවාරම් කිරීමේ ප්‍රධානීන් බවද කියයි.

ශ්‍රී ලංකාවට පමණක්‌ නොව විවිධ රටවලට මත්කුඩු බෙදා හැරීම සඳහා මොවුන් ප්‍රසිද්ධියක්‌ උසුලන බවද කියති.

මෙම පකිස්‌ථාන් ජාතිකයන් සමග ශ්‍රී ලාංකික මත්කුඩු ව්‍යාපාරිකයෝ මිත්‍ර ගිවිසුමක්‌ පවත්වාගෙන යන අතර අද හෙටම මෙම මහා ජාවාරම්කරුවන් දෙතුන් දෙනෙකුම පොලිසියට කොටු කර ගැනීමට හැකි වෙන බවද පොලිසිය කියයි.

ඉදිරි දින කීපය තුළදී පකිස්‌ථාන් පොලිසිය ශ්‍රී ලංකාව පැමිණීමට ඉඩ ඇතැයි මත්ද්‍රව්‍ය නාශක අංශය කියයි.

නෝමන් පලිහවඩන
http://www.divaina.com/2013/09/14/news16.html

සබැඳි ලිපි -
[
මුසලුවන් ගෙන්වන, සිහලුන් බී නැසෙන, ආසියාවම පරාජය කළ මුසලු කුඩු ජාවාරමhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_6535.html
ලක්‍ෂ දෙකක කුඩු සමග කොටුවූ තිදෙනා තොරතුරු වමාරති. මාලිගාවත්තේ කුඩු ප්‍රබලයෙක්‌ සොයා මෙහෙයුමක්‌http://denethharinna.blogspot.com/2013/09/blog-post_1825.htmlමුසලුවන් ගෙනා අල කන්ටේනර් දෙකේ කුඩු ඇත්දැයි සැක! වරායෙන් පිට කිරීම වහා අත්හිටුවයි...http://denethharinna.blogspot.com/2013/09/blog-post_3391.html
පාකිස්‌තානුවාගේ 'සෙල් ෆෝනය' කුඩු කන්ටේනරය ගැන වමාරයිhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_8.htmlකුඩු කිලෝ 200 පසුපස ලෝක කුඩු කප්පිත්තෙක්‌http://denethharinna.blogspot.com/2013/09/200.htmlජාත්‍යන්තර මාෆියා කල්ලි ශ්‍රී ලංකාව කුඩු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ කරගෙනhttp://denethharinna.blogspot.com/2013/09/blog-post_1445.htmlපකිස්ථානයෙන් ආනයනය කරන සියලූ භාණ්ඩ දැඩි සෝදිසියට ලක්විය යුතුයි - JHUhttp://denethharinna.blogspot.com/2013/09/jhu.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!