ගම්පහ ප‍්‍රදේශයේ සංවිධානයක මැදිහත් වීමකින් පොළොන්නරුව, ගල්විහාරයේ පිළිම වලට හානි කළ බවට වාර්තා වු සිද්ධියක් සම්බන්දයෙන් කඩිනම් පරීක්ෂණයක් සිදු කරන ලෙස ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය, ආචාර්ය, ජගත් බාලසූරිය මහතා අදාළ අංශ වෙත නියෝග කර තිබේ. ඉදල්, කොසු සහ වෙනත් ඝණ උපකරණ යොදා ගනිමින් මෙම කටයුතු සිදු කෙරුනු බවටද පුරා විද්‍යා නිලධාරීන් පැමිණිලි කර තිබෙන අතර පිලිම වහන්සේලා පවිත‍්‍ර කිරීමට යොදා ගත් ජලයද අපවිත‍්‍ර බව පැවසේ. පුරා විද්‍යා නිලධාරීන් පෙන්වා දී ඇත්තේ එසේ නොකරන ලෙස කළ ඉල්ලීම් පවා අදාළ සංවිධානයේ සාමාජිකයින් පිළි නොගත් බවය. ඇතැම් කාන්තාවන් පිළිම වහන්සේලා මත නැගී පිරිසිදු කිරීමේ කටයුතු සිදු කළ බවටද චෝදනා එල්ල වී තිබේ.
2013 සැප්තැම්බර් 01 03:40 p:m - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16914:2013-09-01-10-12-38&catid=34:news&Itemid=62
2013 සැප්තැම්බර් 01 03:40 p:m - http://lakbima.lk/index.php?option=com_content&view=article&id=16914:2013-09-01-10-12-38&catid=34:news&Itemid=62
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!