Pages - Menu

Pages

Pages

Monday, October 14, 2013

ටීඑන්ඒ සීසීකඩ වේ. ඩයස්‌පෝරාව සමග 'ඉන්දියන් කණ්‌ඩායමක්‌' එති!

උතුරු පළාත් සභාවට ඇමැතිවරුන් සිව්දෙනකු පත්කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති දැඩි අර්බුදය නිසා ද්‍රවිඩ සංධානය ඉදිරි සතියේදී දෙකඩ වන තත්ත්වයකට පත් වී ඇත. ද්‍රවිඩ සන්ධානය තුළ ඩයස්‌පෝරා කණ්‌ඩායම සහ ඉන්දීය කණ්‌ඩායම යනුවෙන් පාර්ශ්ව දෙකක්‌ ඇතිවී තිබේ.

උතුර පළාත් සභාවේ මහ ඇමැති ලෙස විග්නේශ්වරන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමත් සමග මතුවූ අර්බුදය දැන් ඇමැතිවරුන් පත් කිරීම දක්‌වාද උග්‍ර තත්ත්වයට පත් වී ඇත. පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලය හා දෙමළ ජාතික සන්ධානයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සඳහා 11 වැනිදා යාපනය වීරසිංහම් ශාලාවේ පැවැති උත්සවයට සන්ධානයේ සාමාජික පක්‍ෂ තුනකින් තේරී පත්වූ මන්ත්‍රීවරුන් 09 දෙනකු දිවුරුම් දීමට පැමිණ නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතාගේ ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂයේ මන්ත්‍රීවරුන් 5 දෙනකු ද සිද්ධාර්ථන් මහතාගේ ප්ලොට්‌ සංවිධානයේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක්‌ හා ටෙලෝ සංවිධානයේ මන්ත්‍රීවරු දෙදෙනකු ද ඊට අයත් වෙති. මෙම මන්ත්‍රීවරුන් පිරිස වෙනම දිවුරුම් දෙන්නේද, ඉල්ලා අස්‌වන්නේද නැති නම් වෙනම කණ්‌ඩායමක්‌ ලෙස පළාත් සභාවේ කටයුතු කරන්නේද යන්න ඉදිරි දින කිහිපය තුළ රැස්‌වී තීරණයක්‌ ගන්නා බව ප්ලොට්‌ සංවිධානයේ කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

මේ අතර ඇමැතිවරුන් පත්කළ ආකාරය ගැන ඊ. පී. ආර්. එල්. එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්දන්ට අභියෝග කර ඇත. ඊළාම් තමිල් අරසු කච්චි පක්‍ෂයට පසු මන්ත්‍රීවරු හයදෙනකු පත් වූයේ ඊ. පී. ආර්. එල්. එෆ්. පක්‍ෂයෙන් බව පවසා ඇති ප්‍රේමචන්ද්‍රන් සම්බන්දන් තනි මතයට ක්‍රියාකර ඇතැයි දන්වා තිබේ.

උතුර පළාත් සභාව සඳහා ප්ලොට්‌ නායක සිද්ධාර්ථන් හා ටෙලෝ ක්‍රියාකාරිකයකු වූ සිවාජිලිංගම්ගේ නමද යෝජනාවී තිබුණත් එම නම් කැපී ගොස්‌ ඇත. මේ අතර සිය බලය පළාත් සභාව තුළ වැඩිකර ගැනීම සඳහා ඊළාම් තමිල් අරසු කච්චි පක්‍ෂයේ සී. වී. කේ. සිවඥණම් සභාපති ලෙසද එම පක්‍ෂයේ ඇන්ටන් ජෙයනාදන් නියෝජ්‍ය සභාපති ලෙසද පත්කිරීමට තීරණය වී ඇත. ද්‍රවිඩ සන්ධානය මුලතිව් ප්‍රදේශයේ කිසිම මන්ත්‍රීවරයකු පළාත් සභාවට පත්කර නැත.

කීර්ති වර්ණකුලසූරිය, රනිල් ධර්මසේන
http://www.divaina.com/2013/10/13/news01.html

සබැඳි ලිපි -
[

උතුරේ ටී.එන්.ඒ. මන්ත්‍රීවරු 20 දෙනෙක්‌ දිවුරුම් දෙති: 9 දෙනෙක්‌ මගහරිතිhttp://denethharinna.blogspot.com/2013/10/20-9.htmlඋතුරේ ඇමති ධූර - නිදහස, සංහිඳියාවෙන් ගැටළු විසඳන්නට කියන සම්බන්ධන්ගෙන් ඒකාධිපති තීරණ
http://denethharinna.blogspot.com/2013/10/blog-post_10.html
අර්බුද මැද උතුරේ ඇමැති මණ්‌ඩලය දිවුරුම් දීම 11 දා
http://denethharinna.blogspot.com/2013/10/11.html
]

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!