Pages - Menu

Pages

Pages

Tuesday, October 22, 2013

'හලාල් නවතන' රිය පෙළපාලිය අද කොළඹ සිට දළදා මාළිගාවට

නැවත වරක්‌ ක්‍රියාත්මකව ඇති හලාල් ක්‍රියාවලිය වහා නතර කරන ලෙස බල කරමින් බොදුබල සේනා සංවිධානය විසින් සංවිධානය කරන දැවැන්ත රථ පෙළපාලියක්‌ අද (22 වැනිදා) කොළඹ සිට මහනුවර දළදා මාලිගාව දක්‌වා ගමන් කෙරේ.

කොළඹ කිරුළපන බොදු බල සේනා මූලස්‌ථානය ඉදිරිපිටින් අද (22 වැනිදා, පෙරවරු 8.30 ට ආරම්භ කෙරෙන අදාළ රථ පෙළපාලිය සවස මහනුවර වෙත ළඟාවීමට නියමිතය.

දළදා සමිඳු අභියස අධිෂ්ඨාන පූජාවක්‌ පවත්වා හලාල් ක්‍රියාවලිය නතර කරන ලෙසට බල කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කෙරේ.

හලාල් ක්‍රියාවලිය නතර කරන බවට ජමයිල්තුල් උලමා සංවිධානය පොරොන්දුවී සිටියද එම පොරොන්දුව කඩකරමින් ඔවුන් නැවත වරක්‌ හලාල් ක්‍රියාවලියේ නිරතවෙමින් සිටින බව බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියෝ අවධාරණය කරති.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/10/22/news18.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!