Pages - Menu

Pages

Pages

Thursday, October 3, 2013

දඹදිව ආරක්‍ෂාව සොයා බැලීමට මෙරටින් දූත පිරිසක්‌ යති

අස්‌ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‌ත මහානායක හිමියන් ප්‍රධාන මහා සංඝරත්නය ඇතුළු දූත පිරිසක්‌ ඊයේ (01 වැනිදා) දඹදිව ආරක්‍ෂක තත්ත්වය විමසා බැලීම සඳහා එහි පිටත්ව ගියහ.

බුද්ධගයා ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දීය රජය විසින් දඹදිවට සපයා ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් සොයා බලා ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීම මෙම ගමනේ අරමුණ වේ.

එම සංචාරයේදී මෙරට බොදු බැතිමතුන්ට බැංගලෝරය හරහා නව සුරක්‍ෂිත ගමන් මාර්ගයක්‌ හඳුන්වාදීමත් සිදු කෙරෙන අතර ලබන 04 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට හා රටට දැයට සෙත් ප්‍රාර්ථනා කරමින් විශේෂ බෝධි පූජා පිංකමක්‌ද පැවැත්වේ.

සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2013/10/03/news20.html

1 comment:

  1. ඔය හුත්ත බලන්න නොගියහම මොකද?

    ReplyDelete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!