1973 අප්‍රේල් 24 වැනිදා උපන් සචින්, ලොව පහළ වූ සෑම රටකම ක්‍රීඩකයන් අතරින් ටෙස්ට් සහ එක් දින තරගවල වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩකයාය. වයස අවුරුදු 16දී, 1989 නොවැම්බර් 15 – 20 දක්වා පාකිස්ථානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී, ටෙස්ට් වරම් ලැබූ සචින් 2000 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් ශතක 50 ලැබූ එකම පිතිකරුවා ලෙසින් වාර්තා පොතට එක්වුණි.
ඉන්දීය මාධ්‍ය සහ ජගත් ක්‍රීඩා විචාරකයින් වැඩිදුරටත් පවසා ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවට බිහිවූ උත්තුංග ගණයේ ක්‍රීඩකයෙකුගේ සමු ගැනීම ජගත් ක්‍රිකට් ක්‍රීඩාවට සහ ඔහුට ආදරය කරන ලොව පුරා කෝටි සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට කණගාටුදායක පුවතක් බවයි. මෙවැනි ක්‍රීඩකයෙකු මතු අනාගතයේදී බිහිවේදැයි ඔවුහූ සැක පහළ කරති.
http://lakbima.lk/index.php?option=com_content&view=article&id=19218:2013-10-11-03-35-46&catid=34:news&Itemid=62






0 comments:
Post a Comment