Pages - Menu

Pages

Pages

Wednesday, October 2, 2013

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ වැඩ නිමවෙන්න ළඟයි

මේ වසරේ නොවැම්බර් මාසයේදී විවෘත කිරීමට බලාපොරොත්තු වන දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දෙවැනි අදියරේ කටයුතු මේ වන විට කඩිනමින් නිම කරමින් පවතී. ගාල්ල පින්නදුවේ සිට මාතර ගොඩගම දක්‌වා කිලෝමීටර් 30 ක්‌ වූ මාර්ගය ඉදිකිරීමට රුපියල් කෝටි 1800 ක්‌ වැය කෙරේ.

මෙම කොටසේ ඉමදුව සහ කොක්‌කාදුව නමින් ප්‍රවේශ මාර්ග 2 ක්‌ පිහිටුවීමට කටයුතු යොදා ඇත. චිනයේ ආනයන අපනයන බැංකුවේ ණය ආධාර සහ මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ආධාර මත මෙය ඉදිකිරීමට පියවර ගෙන ඇත.

පින්නදුව සිට ගොඩගම දක්‌වා අධිවේගී මාර්ගයේ දෙවැනි අදියර විවෘත කළ පසු කොට්‌ටාවේ සිට ගොඩගම දක්‌වා දක්‍ෂිණ අධිවේග මාර්ගය සම්පූර්ණ වේ.

පී. එල්. ජයවර්ධන කඹුරුපිටිය
http://www.divaina.com/2013/10/02/provin02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!