Pages - Menu

Pages

Pages

Friday, November 29, 2013

කෝටි 1 1/2 ක කුඩු ගෙනා මුසලුවන් 6 දෙනා දිවි ඇති තෙක්‌ හිරේ

රුපියල් කෝටි 1 1/2 ක්‌ වටිනා ශුද්ධ හෙරොයින් තොගයක්‌ පාකිස්‌තානයේ සිට ශ්‍රී ලංකාවට ගුවන් මගින් රැගෙන ඒම සම්බන්ධයෙන් වරද පිළිගත් පාකිස්‌තානු ජාතික කාන්තාවක ඇතුළු පාකිස්‌තානුවන් සය (6) දෙනකුට බස්‌නාහිර පළාත් මීගමුව මහාධිකරණ විනිසුරු එම්. එම්. ඒ ගෆූර් මහතා ඊයේ (28 දා) බරපතළ වැඩ ඇතිව ජීවිතාන්තය දක්‌වා සිර දඬුවම් නියම කර හෙරොයින් තොගය විනාශ කිරීමට නියෝග කළේය.

හෙරොයින් ගුලි වශයෙන් ගිල ශ්‍රී ලංකාවට හෙරොයින් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් විත්තිකරුවන් වූයේ කාන්තා විත්තිකාරිය වන තාබ්න්ඩිµර්රා (30) (හෙරොයින් ග්‍රෑම් 113.81), සහ අනෙකුත් පිරිමි විත්තිකරුවන් වන අහමඩ් බසීර් (53) (හෙරොයින් ග්‍රෑම් 91.88), ඔර්මාර් අසීම් (30) (හෙරොයින් ග්‍රෑම් 122.31), මොහොමඩ් අබ්රාඡ් කුHqරෙෂි (66) (හෙරොයින් ග්‍රැම් 2078.46), මහමුඩ් ආමීර් (29) (හෙරොයින් ග්‍රෑම් 73.22) සහ ෂයිඩ් මාෂින් (27) (හෙරොයින් ග්‍රෑම් 40.35) නමැත්තන්ය. 

මෙම විත්තිකරුවන් 2011 ඔක්‌තෝබර් මස සිට 2012 අගෝස්‌තු මස දක්‌වා අතර කාලය තුළ ශ්‍රී ලංකාවට ගුවන් මගින් පැමිණ ඇත. පසුව මොවුන් ගුවන් තොටුපළ පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කොට තිබිණි.

රජයේ අධිනීතිඥ අසේල සේරසිංහ මහතා පැමිණිල්ල මෙහෙය වීය. 

මීගමුව සමූහ - විමල් කීර්ති
http://www.divaina.com/2013/11/29/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!