Pages - Menu

Pages

Pages

Saturday, November 16, 2013

මුහුණ වසාගත් බොරුකාරයකු පිළිබිඹු කර, චැනල් 4 'කෙප්ප' අතඅරිනවා - මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

58 වැනි සේනාංකයේ සිටි උසස්‌ නිලධාරියකු යෑයි දන්වමින් මුහුණ වසාගත් බොරුකාරයකු පිළිබිඹු කර චැනල් 4 නාලිකාව සාවද්‍ය ප්‍රචාරයක්‌ ගෙන යන බව මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ (15 දා) පැවසීය.

මේ මුහුණ වසාගත් මිනිසා කවුද කියා කියන්න යෑයි මම චැනල් 4 කණ්‌ඩායමට අභියෝග කළා. එහෙත් ඔවුන් ඔහු කවුද කියා පැවසුවේ නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

කැලම් මැක්‌රේ කුමක්‌ කීවත් ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කර ඇති ක්‍රමවේදය නතර කරන්නේ නැහැ යෑයි ද මේජර් ජෙනරාල්වරයා පැවසීය.

චැනල් 4 නාලිකාව කොටි ඩයස්‌පෝරාව මත ක්‍රියාකරන බවද ඔහු කියා සිටියේය.

කිර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/16/news13.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!