Pages - Menu

Pages

Pages

Friday, November 1, 2013

ඉන්දීය අගමැති එන්න සූදානම්ලු

පොදු රාජ්‍ය මණ්‌ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ඉන්දීය අගමැති ආචාර්ය මන්මෝහන් සිං මහතා සහභාගිවීමට සූදානම් බව ඉන්දීය මාධ්‍යවල ඊයේ (31 දා) වාර්තා කර ඇත.

ඒ සඳහා වන ආරක්‍ෂක වැඩපිළිවෙළ මේ වන විටත් සකසා අවසන් බවද එම මාධ්‍ය වාර්තා කර ඇත. ඉන්දීය අගමැති ආචාර්ය මන් මෝහන් සිං මහතා කොංග්‍රස්‌ පක්‍ෂ නායිකා සෝනියා ගාන්ධි මහත්මිය, විදේශ කටයුතු ඇමැති සල්මාන් කුර්ෂිඩ් සහ ජාතික ආරක්‍ෂක උපදේශක ශිව සංකර් මෙනන් යන මහත්වරුන් ඊයේ (31 දා) සවස රැස්‌වූ කොංග්‍රස්‌ පක්‍ෂ මධ්‍යම කාරක සභාවේදී මේ පිළිබඳ අවධානය යොමු කර ඇති බවද එකී මාධ්‍ය වාර්තා කර ඇත.

ආචාර්ය මන් මෝහන් සිං මහතා පොදු රාජ්‍ය මණ්‌ඩල රාජ්‍ය නායක රැස්‌වීමට සහභාගි වන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇතත් ඒ පිළිබඳ ශ්‍රී ලංකාවට මෙතෙක්‌ නිල වශයෙන් දැනුම්දී නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා "දිවයින"ට ඊයේ (31 දා) ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඉන්දීය අගමැතිවරයා සමුළුව සඳහා සහභාගි වනු ඇතැයි විදේශ අමාත්‍යාංශය බලාපොරොත්තු වන බවද ප්‍රකාශ කළේය.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2013/11/01/news34.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!