උතුරු මහ ඇමැති විග්නේෂ්වරන් හමුවූ අවස්‌ථාවේ කැමරන් මේ ඇරයුම කර තිබේ. මේ අනුව ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායමක් ළඟදීම බ්‍රිතාන්‍යයට යන බව රජය වෙත වාර්තා වී ඇත. අගමැති කැමරන්ගේ මේ ක්‍රියාදාමය උතුරේ වෙනම රාජ්‍යයක් ඇති කිරීම බව රජයේ ආරංචි මාර්ග පැවැසීය.
කැමරන් ද්‍රවිඩ සන්ධානය කැඳවා ඇත්තේ ලබන මාර්තු මස ජිනීවා මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කෙරෙන ජාත්‍යන්තර විමර්ශනය සඳහා සාකච්ඡා කිරීම බව එකී ආරංචි මාර්ග පවසයි.
කැමරන් හමුවීමෙන් පසු ද්‍රවිඩ සන්ධාන කණ්‌ඩායම ඉන්දියාවට ගොස් අගමැති මන්මෝහන් සිං ද හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.
කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/22/news04.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!