Pages - Menu

Pages

Pages

Monday, November 18, 2013

රාජ්‍ය නායකයෝ පරිසර සුන්දරත්වය, රටේ පවිත්‍රතාව අගයති

පොදු රාජ්‍ය මණ්‌ඩලීය රාජ්‍ය නායක සමුළුවට පැමිණ සිටි ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා ඇතුළු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවූ සියලුම රාජ්‍ය නායකයන් කොළඹ නගරය ඇතුළු රටේ පවිත්‍රතාවය වගේම සුන්දරත්වය බෙහෙවින් අගය කරමින් කතා කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී හා බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හමු වූ සියලුම රාජ්‍ය නායකයන් මේ සම්බන්ධව ඉතා පැසසුම් අයුරින් කතා කර තිබේ.

කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට ළඟා වූ අවස්‌ථාවේ සිට කොළඹ නගරය, කරා පැමිණෙන තෙක්‌ ඉතා මනරම් අයුරින් ශ්‍රී ලංකාව පරිසර සුන්දරත්වය රැකෙන අයුරින් කටයුතු කර තිබෙන ආකාරය දැකගත හැකි බැවින් තම රටේ ඇතැම් නගරවලවත් මෙතරම් පරිසර පවිත්‍රතාවක්‌ නොමැති බව ඔස්‌ටේ්‍රලියානු අගමැතිවරයා ප්‍රකාශ කර ඇත.

එමෙන්ම ඔස්‌ටේ්‍රලියානු අගමැති ටෝනි ඇබට්‌ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා හා යුද හමුදාපතිවරයා සමඟ ඊයේ (17දා) පෙරවරුවේ ගාලුමුවදොර පිටියේ ශාරීරික ව්‍යායාමවල නිරත වී ඇත.

ඒ අවස්‌ථාවේදී වරාය චෛත්‍ය අසල සිල්සමාදන්ව සිටි සැදැහැවතුන් පිරිසක්‌ සමඟද ඔස්‌ටේ්‍රලියානු අගමැතිවරයා සුහද කතාබහක නියෑළී ඇත.

http://www.divaina.com/2013/11/18/news34.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!