Pages - Menu

Pages

Pages

Friday, November 8, 2013

තමිල්නාඩුව හමුවේ ඉන්දීය ආණ්ඩුව අසරණයි. ගාන්ධි මැරූ කොටින්ගේ විරු ස්මාරක තමිල්නාඩුවේ විවෘත වේ.

ප්‍රභාකරන් ඇතුළු මියගිය කොටි නායකයන් සැමරීමේ මුල්ලිවයික්‌කාල් නමැති තමිල්නාඩු කොටි ස්‌මාරකය අද (8 දා) තන්ජවුර්හිදී විවෘත වේ.

මේ සඳහා කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ රටවල් 6 ක නියෝජිතයෝද සහභාගි වෙති. මේ කොටි ස්‌මාරකය විවෘත කිරීම සඳහා තමිල්නාඩු මහ ඇමැතිනි ජයලලිතා ඉඩදී ඇත. ඊට මුදල් වැයකර ඇත්තේ ස්‌විස්‌ හා නෝර්වේ කොටි ඩයස්‌පෝරාවයි. මේ කොටි ස්‌මාරකය විවෘත කිරීම නිමිත්තෙන් 8, 9, 10 දිනවල මහජන ප්‍රදර්ශනයක්‌ ද පැවැත්වේ. එම ස්‌මාරකය සම්බන්ධයෙන් ඉන්දීය රජයට කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගැනීමට නොහැකි වී ඇත.

මේ අතර තමිල්නාඩු කොංග්‍රස්‌ ආරංචි මාර්ග පවසන්නේ මේ ස්‌මාරකය හිටපු අගමැති රජිව් ගාන්ධිට අවමානයක්‌ බවයි.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/11/08/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!