Pages - Menu

Pages

Pages

Tuesday, December 3, 2013

රටවල් 15 ක ශ්‍රී ලංකා දූත මණ්‌ඩල කාර්යාල අරඹයි

කොටි ඩයස්‌පෝරාවට ප්‍රතිචාර දැක්‌වීම සඳහා දකුණු අප්‍රිකානු සහ ශාන්තිකර රටවල් 15 ක ශ්‍රී ලංකා දූත මණ්‌ඩල කාර්යාල ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත. මැරුටානියා, බුකිනෝ පාසෝ, ඩිජිබුකි, ටොංගෝ, ගැමන්, අයිවරි පෝස්‌ට්‌, ගැම්බියා, සියරාලියොන්, මලාවි, චැඩ්, මධ්‍යම අප්‍රිකානු ජනරජය, කැමරන්, නිවර්තන ගිනියාව, කේප් වර්ඩ් සහ නයිජර් යන රටවල මෙලෙස ශ්‍රී ලාංකික දුත මණ්‌ඩල ස්‌ථාපිත කෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (2 දා) පැවසීය.

පොදු රාජ්‍ය මණ්‌ඩල සමුළුවට දකුණු අප්‍රිකානු රටවලින් පැමිණ ඇත්තේ රටවල් හතක්‌ පමණි.

කොටි ඩයස්‌පෝරාව ජිනීවා නුවර සිටින දකුණු අප්‍රිකානු රටවල තානාපතිවරුන් හමුවී ශ්‍රී ලංකාවට එරෙහිව සාවද්‍ය තොරතුරු සපයා ඇතැයි වාර්තා වී ඇත.

මෑතකදී කොටි ඩයස්‌පෝරා කණ්‌ඩායමක්‌ ජිනීවා නුවර බොට්‌ස්‌වානා තානාපති හමුවී රහස්‌ සාකච්ඡාවක්‌ ද පවත්වා තිබේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/03/news09.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!