Pages - Menu

Pages

Pages

Thursday, December 26, 2013

ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් කුල දරුවන් 150 දෙනකු සසුන්ගත කිරීමට සැලසුම්

ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 150 වැනි ජන්ම සැමරුම වෙනුවෙන් ශාසනය තුළ දිගු කලක්‌ රැඳෙතැයි බලාපොරොත්තු තබමින් සසුන්ගත කිරීම උදෙසා උපන් කේන්ද්‍රය ද (ජන්ම පත්‍රය) අනුවද ඒ සුදුසුකම සනිටුහන් කරන කුල කුමරුවන් 150 දෙනෙකු සසුන්ගත කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන හා විහාරස්‌ථාන සූදානම් කිරීමට ශ්‍රී ලංකා මහාබෝධි සංගමය විසින් කටයුතු යොදා ඇත.

ශ්‍රීමත් අනගාරික ධර්මපාල චින්තනය ඉදිරියට ගෙනයැම සඳහා යුගයේ අත්‍යවශ්‍ය වන මෙම කාර්යය සඳහා විශේෂ අවධානය යොමු කොට සසුන්ගත කිරීමට කැමති කුල දරුවන්ගේ මෑතකදී ගත් ඡායාරූපයක්‌ කේන්ද්‍ර කොපිය සමඟ ලේකම් මහාබෝධි සංගමය නමට එවන මෙන් ඉල්ලා සිටිති.

http://www.divaina.com/2013/12/26/news27.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!