Pages - Menu

Pages

Pages

Sunday, December 8, 2013

ශවේන්ද්‍ර සිල්වාගෙන් යළිත් 'චැනල් 4 ට' අභියෝග

යුද අපරාධ චෝදනා එල්ල කරන චැනල් 4 රූපවාහිනියේ අධ්‍යක්‍ෂ කැලම් මැක්‌රේට හැකි නම් අධිකරණයක්‌ වෙති ගොස්‌ සාක්‍ෂි ඉදිරිපත් කරන ලෙස මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අභියෝග කරයි.

මැක්‌රේ සෑම තැනම වීඩියෝ පටය ප්‍රදර්ශනය කරමින් ඇමරිකාවට පැමිණි අවස්‌ථාවේ මා ඉදිරිපත් කළ කරුණු නිසා ඇදවැටුණා. ඔහුට සිදුවූයේ කොට්‌ටෝරුවාට හැම ගහකටම කොටාගෙන ඇවිත් වැරදි ගහට කොටන්න ගොස්‌ වූ සිද්ධිය යෑයි හෙතෙම කියා සිටියේය.

ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළැයි කියමින් රටවල් පුරා යන මැක්‌රේ සාක්‍ෂි ඇත්නම් අධිකරණයක්‌ වෙත නොයන්නේ මන්දැයි පුදුමයක්‌ බව ජෙනරාල්වරයා කීවේය.

මම සාධක සහිතව යුද අපරාධ චෝදනා සාවද්‍ය බව තහවුරු කළා, යෑයි ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

තමා නිහඬව සිටින්නේ නැතැයි කී ඒ මහතා අවශ්‍ය වෙලාවට එල්ලවී ඇති චෝදනා මුළුමනින්ම අසත්‍ය බව ඔප්පු කරන්නේ යෑයිද කීවේය.

චැනල් 4 කැලම් මැක්‌රේ තමා යුද පුහුණුව ලබන්නකු නොවන බව තේරුම් ගත යුතු බවද ඒ මහතා පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/07/news20.html

Picture Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!