Pages - Menu

Pages

Pages

Tuesday, December 24, 2013

හිසේ තොප්පි පැළඳ හිජාබ් මුහුණු ආවරණ සහිතව හැඳුනුම්පත් නෑ

ජාතික ආරක්‍ෂාව සඳහා හිසේ තොප්පි පළඳා සහ හිජාබ් මුහුණු ආවරණ සහිතව නව හැඳුනුම්පත් සකස්‌ නොකෙරෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග ඊයේ (19 දා) පැවැසීය.

ඉන්දියාවේවත් හිජාබ් මුහුණු ආවරණයන්ට හැඳුනුම්පත් නිකුත් කරන්නේ නැහැ. ප්‍රංශය හිජාබ් මුහුණු ආවරණ තහනම් කරලා යෑයි ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරියෙක්‌ පැවැසීය.

අන්තවාදී මුස්‌ලිම් ක්‍රියාකාරීන් විසින් තොප්පි පළඳා සහ හිජාබ් මුහුණු ආවරණයන්ට හැඳුනුම්පත් නිකුත් කළ යුතු යෑයි ඉල්ලා තිබේ.

ශ්‍රී ලංකාවද තාලිබාන් රටක්‌ බවට පත් කිරීමට මෙම අන්තවාදීන් උත්සාහ කරන බව හෙළිවී ඇත.

නව හැඳුනුම්පත් මෝටර් රථ ප්‍රධාන හැඳුනුම්පත්වලට සමානව ලබන වසරේ සිට නිකුත් කෙරේ.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2013/12/20/news18.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!