Pages - Menu

Pages

Pages

Saturday, December 28, 2013

ලොව කෲරතම සත්වෝද්‍යානය ඉන්දුනීසියාවේ

ඉන්දුනිසියාවේ සුරබයා නගරයේ පිහිටි සත්වෝද්‍යානය ලෝකයේ කෲරතම ස්‌ථානයක්‌ බව සත්ත්ව අවිහිංසා සංවිධාන හෙලි කර ඇත.

පසුගිය මාස 3 තුළ සතුන් 50 ක්‌ මියගොස්‌ ඇතැයි හිටපු සත්වෝද්‍යාන පාලකයා පවසයි.

කොකුන් 150 ක්‌ ද එක්‌ කූඩුවකට දමා තිබේ. කොටියකු කූඩුකර ඇත්තේ ඉතා සුළු ඉඩක්‌ ඇති ස්‌ථානයකය.

පසුගිය වසරේදී සත්වෝද්‍යානයේ සිටි ජිරාප් සතෙක්‌ ප්ලාස්‌ටික්‌ බෑග් කිලෝ 20 ක්‌ අනුභව කිරීම නිසා මියගොස්‌ ඇත.

අලිපැටවකුගේ පාද දම්වැල්වලින් බැඳීමෙන් එම පාදවලටද තුවාල සිදු වී ඇති බව සත්ත්ව අවිහිංසා ලෝලිහු කියා සිටී. මෙම සුරබයා සත්ත්ව උද්ද්‍යානයේදී සතුන් දිනපතාම මිය යන බවද ඔවුහු කියා සිටී.

http://www.divaina.com/2013/12/28/forign04.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!