මෙසේ ගවමස් කඩය ලබාගෙන එය වසා දැමීමට ක්‍රියාකිරීම පිළිබඳව ඌරගස්‌මංහන්දිය හා කරන්දෙණිය ප්‍රදේශවල විශාල පිරිසකගේ ප්‍රසාදය පළවී තිබේ. සතිපොළ පැවැත්වෙන දිනයේදී ගවයන් තුන්දෙනකුගේ පමණ මස් අලෙවි වන බවත් ඒ අනුව වසරකට ගවයන් එකසිය පනහකගේ මස් අලෙවි වන බවත් තතුදත් අය කියති. ඒ අනුව මස් කඩය වසා දැමීමෙන් ගවයින් විශාල පිරිසකගේ දිවි ගැලවෙන බව ටෙන්ඩරය ලබාගත් අයගේ අදහසයි.
මේ සම්බන්ධයෙන් "දිවයින"ට අදහස් දැක්‌වූ පූජ්‍ය හිපන්වත්තේ විජයධම්ම හිමියෝ මෙසේ පැවැසූහ. මේ සැරේ මම ඌරගස්‌මංහන්දිය මස්‌කඩේ ටෙන්ඩරය ලබා ගත්තා. භික්‍ෂුවකගේ නමින් මස්‌කඩයක් ලබාගන්න එක එතරම් සුදුසු නැති හින්දා ගිහියෙකුගේ නමින් තමයි මස්‌කඩේ ටෙන්ඩරය අරගත්තේ. ජනවාරි පළවැනිදා ඉඳලා මස් කඩේට ඉබියතුරු දානවා.
මෙම මස්‌කඩය ටෙන්ඩර ලබා ගැනීමට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී සරත් ගුණරත්න මහතා ඇතුළු පිරිසක් දායක වී ඇත. රුපියල් ලක්‍ෂයකට ආසන්න මුදලක් ලබාදී ටෙන්ඩරය ලබා ගැනීමට දායක වූ සියලු දෙනාද උන්වහන්සේ මෙහිදී සිහිපත් කළහ.
කරන්දෙණිය - අමල් ප්‍රියංකර
http://www.divaina.com/2013/12/23/news15.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!