ඒ අනුව මෙතෙක් වෙළෙඳපොළේ පැවැති ලංකා පෙට්‍රල් ඔක්‌ටේන් 90 ඉන්ධන කාණ්‌ඩය ඊයේ සිට වෙළෙඳපොළෙන් ඉවත් වෙයි.
ඛනිජ තෙල් කර්මාන්ත සංවර්ධන ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා, නියෝජ්‍ය ඇමැති සරණ ගුණවර්ධන හා සංස්‌ථාවේ සභාපති එස්. අමරසේකර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මුලින්ම නව ඉන්ධන වර්ගය බෙදාහැරීම සිදුකෙරුණි.
ඔක්‌ටේන් 92 පෙට්‍රල් තත්ත්වයෙන් උසස්‌වීම හේතුවෙන් මෝටර් රථවල ඉන්ධන කාර්යක්‍ෂමතාව ඉහළ නැංවෙනු ඇති බවටත්, ඉන්ධන අරපිරිමැස්‌මක් ඇතිවන බවටත් සංස්‌ථාව බලාපොරොත්තු වෙයි. එමෙන්ම එන්ජිමේ විෂ වායු නිකුත් කිරීම අවම කරන අතර පරිසර දූෂණය ද අවම වීම ද සිදුවෙයි.
ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/01/02/news21.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!