Pages - Menu

Pages

Pages

Wednesday, January 1, 2014

රුසියාවෙන් ශ්‍රී ලංකාවට කොන්දේසි විරහිත සහාය???

ජිනීවා මානව හිමිකම් සමුළුවේදී බටහිර රටවල් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කෙරෙන යෝජනාවට විරුද්ධව රුසියාව කොන්දේසි විරහිතව සහාය දක්‌වන බව රුසියානු ආරංචි මාර්ග පවසයි.

කොන්දේසි රැසක්‌ මත රුසියාව විසින් ශ්‍රී ලංකාවට සහාය දක්‌වන බවට දියත් වී ඇති ප්‍රචාරය රුසියානු බලධාරීන් ප්‍රතික්‍ෂේප කර තිබේ.

රුසියානු ජනාධිපති වැලඩමිර් පුටින් මහතා රුසියාවේ ස්‌ථාවරය දැනටමත් ප්‍රකාශ කර ඇත.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල උපදෙස්‌ පිළිපැදීමට රුසියාව සූදානම් නැතැයි එම ආරංචි මාර්ග කියා සිටී.

වන්නි මෙහෙයුම සමයේ රුසියානු රජය ශ්‍රී ලංකාවට සහාය දක්‌වා ඇත.

මෙවර 2014 මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් අතරට රුසියාව, චීනය, වියට්‌නාමය, කියුබාව යන රාජ්‍යයන්ද එක්‌වී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/01/01/news05.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!