Pages - Menu

Pages

Pages

Thursday, January 2, 2014

සිරිපා මළුව ආලෝකවත් කිරීමට විශේෂ විදුලි පහන් පද්ධතියක්‌

සිරිපා මළුව අලෝකවත් කිරීම පිණිස අඩු වෝල්ටීයතාවකින් යුත් විශේෂ විදුලි පහන් පද්ධතියක්‌ සැකසේ.

ශ්‍රී පාදස්‌ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන්ගේ පූර්ණ අනුශාසනා මත මෙම විදුලි පද්ධතිය පිහිටුවීමට නියමිතය.

විදුලි බල මණ්‌ඩලයේ ඉංජිනේරුවන්ගේ උපදෙස්‌ මත මෙම විදුලි බල පද්ධතිය සැකසේ. මෙම අඩු වෝල්ටීතාව කින් යුත් විදුලි බල පද්ධතිය මගින් කුඩා කෘමියකුට පවා පීඩාවක්‌ නොවන බව පැවසේ. මෙම කාර්යය විදුලි බල හා බල ශක්‌ති ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ උපදෙස්‌ හා නිර්දේශ මත සිදුකෙරේ.

ලකී වෛද්‍යසේකර - අම්බලන්තොට අතිරේක
http://www.divaina.com/2014/01/01/provin05.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!