Pages - Menu

Pages

Pages

Wednesday, January 1, 2014

කැඩී බිඳී යන අනියත දහමක්‌, පසක්‌ කළා ක්‍රිඩාවක මොහොතක්‌

38 හැවිරිදි ඇන්ඩර්සන් සිල්වා යනු මිශ්‍ර සටන් කලා ක්‍ෂේත්‍රයේ එදා මෙදා තුර බිහි වූ අද්විතීය චරිතයකි. ඔහුගේ අත්දඬු - පාද යකඩ මෙන් සවිමත් විය. එහි ශක්‌තිය සැබැවින්ම දැනුණේ ඔහුගේ ප්‍රතිවාදියාටය. මේ සුපිරි ක්‍රීඩකයා සහභාගි වූ තරගයක්‌ පෙරේදා ලාස්‌ වේගාස්‌හී පැවැත්විණි. මිලියන ගණනක්‌ මිනිසුන් ලොව පුරා සජීවීව විකාශය කළ මේ තරගය නැරඹූහ. මෙහිදී ඔහුගේ ප්‍රතිවාදියා වූයේ ක්‍රිස්‌ වීඩ්මෑන්ය තරගය ක්‍රියාත්මක අතරවාරයේ අවස්‌ථාවකදී ඇන්ඩර්සන් සිය වම් පාදයෙන් ක්‍රිස්‌ට ජවාධික පහරක්‌ එල්ල කළේය. ක්‍රිස්‌ සිය පාදය යොදා එය ආවරණය කළේය. සිදුවූයේ කිසිවෙකුත් නොසිතූ දෙයකි.

ඇසිපිය හෙලන වාරයේ එම පහර එල්ල කළ සැනින් ඇන්ඩර්සන් දැඩි වේදනාවෙන් සිය පාදය අල්ලාගෙන බිම ඇදවැටුණි. සිදුව තිබුණේ කුමක්‌ද? 

අදාළ පහරේ වේගය සමග එයට ආවරණයෙන් ලැබුණු ප්‍රතිරෝධය ඉදිරියේ ඇන්ඩර්සන්ගේ යකඩ දණ්‌ඩක්‌ මෙන් වූ පාදය ලා දණ්‌ඩක්‌ ලෙසින් කැඩී යාමයි.

මෙම සිද්ධියෙන් පසු එම සිදුවීමේ පුනර්රූපණය මන්දගාමී දර්ශන මගින් පෙන්වද්දී මොහොතකට පෙර ක්‍රීඩාව රස කරමින් බැලු සියල්ලන්ගේම මුහුණු ඇඹුල් විය. අනතුරක්‌ නැත්තේ කොතැනද? යදඬු වන් පාද සැනෙකින් බිඳී යා නම්... අප මේ දරා සිටින්නේ කොතැනදී, කොයි මොහොතකදී හෝ කැඩී බිඳී යන ශරීරයක්‌ම නොවේද? සිතන්න...

http://www.divaina.com/2013/12/31/sports03.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!