Pages - Menu

Pages

Pages

Thursday, January 2, 2014

ඊමේල් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු ගොනු කිරීමේ ක්‍රමයක්‌ එයි

විද්‍යුත් තැපෑල (ඊමේල්) මගින් ද ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු ගොනු කිරීමේ ක්‍රමවේදයක්‌ නව වසරේ ක්‍රියාත්මක කෙරෙනු ඇත.

මුලින්ම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට අදාළ පෙත්සම් එලෙස ගොනු කිරීමට පහසුකම් සලසන බවත් ලබන මාර්තු මාසයේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කරන බවත් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්‌ට්‍රාර් මහේෂි ජයසේකර මහත්මිය ඊයේ 'දිවයින'ට පැවසුවාය.

දැනට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ අනුව සවස 4.00 ට පෙර සියලුම නඩු ගොනුකළ යුතු නමුත් නව ක්‍රමය යටතේ රාත්‍රි 12 වන තෙක්‌ ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු ගොනු කළ හැකි වේ.

සරත් ධර්මසේන
http://www.divaina.com/2014/01/02/news25.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!