Pages - Menu

Pages

Pages

Thursday, January 9, 2014

වියළි කාළගුණය නිසා පැරැණි මස්‌කෙළිය මතුවෙයි

මාඋස්‌සාකැලේ ජලාශයේ ජල මට්‌ටම දැඩි ලෙස පහළ බැසීමත් සමග එම ජලාශයට යටවූ පැරැණි මස්‌කෙළිය නගරයේ නටබුන් මතුව ඇත.

මෙම ජලාශය ඉදිකිරීමේදී පැරැණි මස්‌කෙළිය නගරයේ තිබූ පූජනීය ස්‌ථාන එම ජලාශයට යටවූ අතර මෙහි ජල මට්‌ටම මෙසේ පහළ බැසීමත් සමග එසේ යටවූ පූජනීය ස්‌ථානවල නටඹුන් මතුව ඇත.

ඒ අනුව බුදුපිළිමය, බෝරුක, හින්දු කෝවිල මෙන්ම මුස්‌ලිම් දේවස්‌ථානයේ නටඹුන් මෙසේ මතුව ඇත.

වසර දෙකකට පමණ පසුව මෙම ජලාශයේ ජල මට්‌ටම මෙසේ පහතබැස ඇති බවත් මෙසේ ජලය බැසීම හේතුවෙන් මෙම පූජනීය ස්‌ථාන මෙන්ම පැරැණි මස්‌කෙළිය නගරයේ මාර්ගයේ නටබුන්ද මෙසේ මතුව ඇති බවත් එම ප්‍රදේශයේ ජනතාව පවසති.

හැටන් - මනුර සුදත් සෙල්ලහේවා
http://www.divaina.com/2014/01/09/news19.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!