Pages - Menu

Pages

Pages

Thursday, January 9, 2014

අගමැති භික්‍ෂූන්ගේ ඇගේ ලේ සෙලවීමේ පාපකර්මය කරගත්තා - JHU

‘සිහල රාවය’ ට එල්ල කළ ප‍්‍රහාරයේ වගකීම අග‍්‍රාමාත්‍යවරයා භාරගත යුතු යයි ජතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එහි මාධ්‍ය ප‍්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසින් නිකුත් කර ඇති සම්පූර්ණ නිවේදනය මෙසේය.

අද පෙරවරුවේ කොළඹ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිටට රැස්වු ‘සිහල රාවය’ සංවිධානය අග‍්‍රාමාත්‍ය මෙන්ම බුද්ධශාසන අමාත්‍ය දි.මු ජයරත්න මහතාට එරෙහිව සාමකාමි උද්ඝෝසණයක නිරත වූ බව දැනගැන්නට ලැබිණි. ‘සිහල රාවය’ සංවිධානය පවසා සිටියේ පසුගිය සති කිහිපයේ අත්අඩංගුවට ගත් ආසියාවේ විශාලම කුඩු කන්ටේරනය සම්බන්ධව අදහස් දැක්වු අතිපූජ්‍ය මහානායක හිමිවරුන්ට ආචාර්ය  ඕමල්පේ සෝභිත නාහිමියන් ප‍්‍රධාන මහා සංඝරත්නයට බුද්ධ ශාසන ඇමතිවරයා ලෙස සිදු කළ අපවාද අවමාන නින්දා කිරීම් වලට තම සංවිධානය විරෝධය පළ කරන බවත් වහාම අගමැතිවරයා බුද්ධ ශාසන අමාත්‍යධූරයෙන් ඉවත්වන ලෙසටත් බල කිරීමටය.

එම සාමකාමී විරෝධතා ව්‍යාපාරයට ඉතා අමානුෂික ලෙස පොලිස් බලය යොදවා භික්‍ෂූන්වහන්සේලා හට පහරදෙමින් උන්වහන්සේලාට බරපතල ලෙස හිරහැර කර ඇතිබව දැනගන්නට ලැබිණි. එම විරෝධතා ව්‍යාපාරයට බුද්ධ ශාසන අමාත්‍යංශයේ හෝ අග‍්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයෙකු හෝ පැමිණ කරුණු කාරණා විමසීම වෙනුවට පොලිස් බලය යොදවා මෙලෙස නින්දිත ලෙස භික්‍ෂූන්වහන්සේලාගේ ලේ සෙලවීමේ මහා පාපකර්මය අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම බුද්ධශාසන අමාත්‍යවරයා ලෙස දි.මු ජයරත්න මහතා භාරගත යුතුය.

අවිහිංසාවාදිව විරෝධය දැක්වීමේ නිදහස උල්ලංඝනය කරමින් ‘සිහල රාවයේ’ උද්ඝෝෂණය මර්දනය කිරීමට පොලිසිය යොදවමින් සිදුකළ මෙම පහරදීමේ වගකීම අග‍්‍රාමාත්‍යවරයා භාරගතයුතු බවත් මෙම දීන ප‍්‍රහාරය අප පිළිකුලෙන් යුතුව හෙළා දකිමු. අනාගත දරුපරපුරේ සුරක්‍ෂිතභාවය වෙනුවෙන් මෙන්ම අද තරුණ පරපුරේ අනාගතය වෙනුවෙන් මත්ද්‍රව්‍යයට එරෙහි සටන කිසිදු බලපෑමකට හෝ මර්දනයකට යටනොවී තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙනයායුතු බව අප ඉතා වගකීමෙන් යුතුව සිහිපත් කරන්නෙමු.

නිශාන්ත ශී‍්‍රවර්ණසිංහ, මාධ්‍ය ලේකම්, ජාතික හෙළ උරුමය
http://lankacnews.com/sinhala/news/108104/

Pic Source

2 comments:

  1. විමල සූරියආරච්චිJanuary 11, 2014 at 9:49 PM

    භික්ෂූන්ගේ ඇඟේ ලේ සෙලවීම ආනන්තරීය පාපයක් සේ සැලකෙන්නේ නෑ. බුදුන්ගේ ලේ සෙලවීම නම් එවන් පාපකර්මයක්. සංඝයා භේදකිරීම යි ආනන්තරීය පාපකර්මය. මේ භික්ෂුන් බුදුදහම දන්නෙත් නැති බවයි පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉහත ලිපියේනම් ආනන්තරීය පාපකර්මයක් ගැන සඳහනක් නැහැනෙ. භික්‍ෂූන්වහන්සේලාගේ ලේ සෙලවීමේ මහා පාපකර්මය කියල තමයි තියෙන්නෙ.

      Delete

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!