Pages - Menu

Pages

Pages

Sunday, February 16, 2014

පළමු ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය සඳුදා විවෘතවේ

න්‍යෂ්ටික තාක්‍ෂණයේ නව සන්ධිස්‌ථානයක්‌ සනිටුහන් කරමින් මෙරට ඉදිකළ පළමු බහුකාර්ය ගැමා ප්‍රවිකිරණ යන්ත්‍රාගාරය ලබන සඳුදා (17දා) බියගමදී විවෘත කෙරේ.

බියගම ආයෝජන කලාපයේ ඉදිරිකරනු ලැබූ මෙම ආයතනය තාක්‍ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ ආරාධනයෙන් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත වේ. 

ගැමා කිරණ යොදා ගනිමින් වෛද්‍ය උපකරණ ජීවානුහරණය, කුළුබඩු වැනි ආහාර ද්‍රව්‍යවල ක්‍ෂුද්‍රජීවීන් විනාශ කිරීම, ආහාර කල් තබා ගැනීම හා නව කාර්මික අමුද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සිදු කෙරේ. මෙම යන්ත්‍රාගාරය විවෘත කිරීමත් සමග විශේෂ වාසි රැසක්‌ හිමි වෙන බව තාක්‍ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය සඳහන් කරයි. 

මෙමගින් වෛද්‍ය, කෘෂිකර්ම ඇතුළු ක්‍ෂේත්‍ර කිහිපයක සංවර්ධනයට සෘජු දායකත්වයක්‌ හා නව කාර්මික අමුද්‍රව්‍ය ඔස්‌සේ නව කර්මාන්ත, නව රැකියා අවස්‌ථා රැසක්‌ උදාවන බව ද එම අමාත්‍යාංශ්‍ය කියා සිටී.

ප්‍රභාත් විතාන
http://www.divaina.com/2014/02/15/news09.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!