නාලන්දා දිස්‌ත්‍රික්‌කයේ තෙල්හාරාහි බෞද්ධ විහාරයක නටබුන් අතර මෙම විශ්වවිද්‍යාලයේ නටබුන්ද සොයාගෙන තිබේ.
චීන දේශාටක හියුන් සෑන් හත්වන ශතවර්ෂයේදී මෙම විශ්වවිද්‍යායට පැමිණ ඇති අතර අතර ඔහු මෙම ස්‌ථානය තෙළෙඩකා ලෙස නම් කර ඇති බව උත්තර් ප්‍රදේශයේ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ අතුල් කුමාර් වර්මා කියයි.
නාලන්දා විශ්වවිද්‍යාලය හතරවන ශත වර්ෂයටත් වික්‍රමශිලා විශ්වවිද්‍යාලය අටවන ශත වර්ෂයටත් අයත් වේ.
මෙම නිලධාක් විශ්වවිද්‍යාලය ගුප්ත රජු සමයේ පිහිටුවන ලද්දකි. එය පස්‌වන සියවසට අයත් බව වර්මා කියයි.
මෙය මහායාන දර්ශනය ඉගැන්වූ විශ්වවිද්‍යාලයයි.
දහස් ගණනක් භික්‍ෂුන් වහන්සේ මෙහි අධ්‍යාපනය ලබා ඇත.
චතුර පමුණුව
http://www.divaina.com/2014/02/24/news18.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!