Pages
▼
බ්‍රිතාන්‍ය සෙබළා මැරූ ඉස්‌ලාමීය අන්තවාදීහු දෙදෙනා දිවි ඇතිතෙක් හිරේ
ලන්ඩන් නුවරදී බ්‍රිතාන්‍ය සෙබළකු ඝාතනය කළ ඉස්‌ලාමීය අන්තවාදීහු දෙදෙනකුට අධිකරණය විසින් ජීවිතාන්තය තෙක් සිරදඬුවම් නියම වී ඇත. නිජල් ස්‌විනි සහ මිචෙල් අඩෙල් බොලාජෝ නමැති මෙම අන්තවාදීහු ලී රින්බ් නමැති සෙබළා මරාදැමීම අන්තවාදී ක්‍රියාවක් යෑයි විනිසුරුවන් පවසා තිබේ.
තීන්දුව ප්‍රකාශ කිරීමත් සමගම ඔවුන් දෙදෙනා විනිසුරුවන්ට අවමන් ලෙසින් බැණ වැදී ඇත. මේ නිසා ආරක්‍ෂක භටයන් ඔවුන් බිම පෙරළා සිරකූඩුවට ගෙන ගොස් තිබේ.
මහජනතාව බලාසිටියදී එකී අන්තවාදීහු එම සෙබළා කපා කොටා මරා දමා ඇත.
http://www.divaina.com/2014/02/28/forign02.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!