2005 වසරේ තිරගත වූ Capotc චිත්‍රපටයේ රඟපෑම වෙනුවෙන් හොඳම නළුවාට හිමි ඔස්‌කාර් සම්මානය දිනාගත් ෆිලිප් තෙවතාවක් ඔස්‌කාර් සම්මාන සඳහා නිර්දේශ විය.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත මේ නළුවාව හඳුන්වාදී තිබුණේ ඔහුගේ පරම්පරාවේ විශිෂ්ට රංගන ශිල්පියා ලෙසයි.
1991 සිට සිනමාවට එක්‌වී සිටි හෙතෙම වේදිකා නාට්‍ය රංගන ශිල්පියකු ද විය. තිදරු පියකු වූ හෙතෙම රූපලාවන්‍ය ශිල්පිනියක වූ මිමිඩ් ඩොපලි හා විවාහ වී සිටියේය. ෆිලිප්ස් සිය නිවසේ නාන කාමරයේ වැටී සිටියදී ඔහුගේ මිත්‍රයකු විසින් දැක ඇති අතර මේ මරණයට හේතුව අධික ලෙස හෙරොයින් පානය කිරීම බව නිව්යෝර්ක් පොලිසිය කියයි.
ඔහුගේ නිවසේ තිබී තවත් හෙරොයින් තොගයක් ද හමුවී ඇත. කාලයක සිට ෆිලිප් හෙරොයින් පානයට ඇබ්බැහි වී සිටි අයෙක් බව ප්‍රකටය. මේ මරණය ගැන ශෝක පණිවුඩයක් නිකුත් කරන ටොම් හෑන්කේ පවසා ඇත්තේ "ෆිලිප් යනු විශිෂ්ට හැකියාවක් තිබූ නළුවකු බවයි."
ෆිලිප් සිය සහකාරිය වූ මිමිගෙන් පසුගිය මාසයේ වෙන්වී ඇති අතර ඒ නිසා මොහු බලවත් සිත්තැවුලකින් පසුවී ඇත.
චතුර
http://www.divaina.com/2014/02/09/cineart03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!