Pages - Menu

Pages

Pages

Friday, February 21, 2014

රටේ අගමැතිව මරා නිදහස්‌ වන්නේ නම් සාමාන්‍ය සිවිල් වැසියකුට යුක්‌තිය ඉටු වන්නේ කෙසේද? රාහුල් ගාන්ධි ප්‍රශ්න කරයි

හිටපු ඉන්දීය අගමැති රජිව් ගාන්ධි ට ඉන්දියාවෙන් යුක්‌තිය ඉටු වී නැතැයි කොංග්‍රස්‌ පක්‍ෂයේ උප සභාපති රාහුල් ගාන්ධි ප්‍රකාශ කර ඇත. 

රාහුල් මේ බව කොංග්‍රස්‌ පාක්‍ෂිකයන් අමතා පවසා තිබේ. ඔහු මේ බව පවසා ඇත්තේ තමිල්නාඩු රජය කොටි ඝාතකයන්ව මුදාහැරීමට ගත් තීරණය සම්බන්ධයෙනි.

යමෙක්‌ රටේ අගමැතිව මරා නිදහස්‌ වන්නේ නම් සාමාන්‍ය සිවිල් වැසියකුට යුක්‌තිය ඉටු වන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්නකර තිබේ.

"මගේ පියා ආපසු එන්නේ නැහැ. නමුත් රජිව් ගාන්ධි ඝාතනය වීම ජාතික ප්‍රශ්නයක්‌ යෑයි රාහුල් ගාන්ධි තමිල්නාඩු රජයේ තීරණයට එරෙහි වෙමින් කියා සිටියේය.

රජිව් ගාන්ධි දිවි දුන්නේ රට වෙනුවෙන්. එහෙත් ඔහුව ඝාතනය වීම ගැන යුක්‌තිය ඉටු වූයේ නැහැ යෑයි රාහුල් ගාන්ධි වැඩිදුරටත් පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
http://www.divaina.com/2014/02/21/news02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!