Pages
▼
අනුරපුර සිරිමහ බෝ සමිඳුන්ගේ අංකුරයක් ඉන්දියාවට වැඩම කෙරේ
ඉන්දියාවේ බොම්බායේ අර්ධ ගෝලාකාරව ඉදිකරන ලද දස දහසකට භාවනානු යෝගීව සිටිය හැකි "සෝබල් විපස්‌සනා පැගෝඩා විශ්ව විපස්‌සනා චෛත්‍යය" අබියස රෝපණය කිරීම සඳහා අනුරාධපුර සිරිමා බෝ රදුන්ගේ අංකුරයක් මේ මස 27 වැනිදා ඉන්දියාවට වැඩම කරවනු ලබයි. මෙම උතුම් පිංකමට දායක වන්නේ අනුරාධපුර කලැත්තෑව විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයේ ධම්ම අනුරාධ - මහනුවර ධම්මකූට විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානය සහ කොස්‌ගම ධම්ම සෝබා විපස්‌සනා භාවනා මධ්‍යස්‌ථානයයි.
මෙම බෝධි අංකුරය පිරිනැමීම මේ මස 27 වැනිදා උදේ 9.00 ට අටමස්‌ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් අතින් සිදු කෙරේ. සිය දොතේ කරඬුව භාරගන්නේ අනුරාධපුර කලැත්තෑව භාවනා මධ්‍යස්‌ථානයේ ධම්ම අනුරාධ පිංවතාය.
තලාව - එප්පාවල - රත්න බී. ඒකනායක
http://www.divaina.com/2014/02/26/news17.html
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!