අවුරුදු දහසය දක්‌වා දරුවන්ට අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ විධිවිධාන අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යවා ඇත.දැනට අනිවාර්ය අධ්‍යාපනය ක්‍රියාත්මක වන්නේ අවුරුදු 14 දක්‌වා දරුවන්ට පමණි. මෙම විධිවිධාන අවුරුදු දහසය දක්‌වා දරුවන්ට අනිවාර්ය කිරීම සඳහා ඉල්ලමින් අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් මණ්‌ඩලයට ඉදිරිපත් කළ සංදේශයට අනුමැතිය ලැබිණි. එම විධිවිධාන නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව අනුමත කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් "දිවයින"ට පැවසීය.
නිලන්ත මදුරාවල
http://www.divaina.com/2014/03/14/news05.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!