Pages - Menu

Pages

Pages

Sunday, April 20, 2014

දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ධුර සංඛ්‍යාවේ වෙනසක්‌

අවසන් වරට පැවැත්වූ පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී තේරී පත්වූ (2010) දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ධුර ප්‍රමාණයට මේ වන විට යාපනයෙන් හා මාතරින් මන්ත්‍රීධුර 04 ක්‌ අඩු වී තවත් දිස්‌ත්‍රික්‌ක 4 කට එක බැගින් වැඩි වී තිබේ.

මේ අනුව යාපනය දිස්‌ත්‍රික්‌කයට අදාළ මන්ත්‍රී ධුර ප්‍රමාණය 09 සිට 06 දක්‌වා තුනකින්ද මාතර දිස්‌ත්‍රික්‌කයෙන් මන්ත්‍රී ධුර ප්‍රමාණය 08 සිට 07 දක්‌වා එකකින්ද අඩු වී ඇත.

අඩු වූ එම මන්ත්‍රී ධුර ප්‍රමාණය එක බැගින් නුවරඑළිය, බදුල්ල, මොනරාගල, රත්නපුර දිස්‌ත්‍රික්‌කවල මන්ත්‍රී ධුර ප්‍රමාණයට එකතු වී ඇත. ඒ අනුව නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයට මන්ත්‍රීවරුන් 8 ක්‌ද, බදුල්ලට 9 ක්‌ද, මොනරාගලට 09 ක්‌ද, රත්නපුරයට 11 ක්‌ද තෝරා පත්කර ගනු ඇත.

2013 ඡන්ද හිමි නාම ලේඛනයේ දිස්‌ත්‍රික්‌ ඡන්ද දායක ප්‍රතිශතය අනුව හිමි මෙම මන්ත්‍රී ධුර ප්‍රමාණය පසුගිය 21 දා ගැසට්‌ නිවේදනයක්‌ මගින් ප්‍රකාශයට පත්කර ඇත.

රනිල් ධර්මසේන
http://www.divaina.com/2014/04/18/news24.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!