පණ්‌ඩුකාභය රජතුමා විසින් තනන ලද අනුරාධපුර බසවක්‌කුලම වැව පරිශ්‍රයේදී මහා සංඝරත්නය 2650 නමක් උදෙසා මේ දානය පිරිනැමේ.
ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් අනුව එළැඹෙන පොසොන් පසළොස්‌වක පොහෝ දිනෙන් පසුව මෙම දානමය පිංකම පැවැත්වෙන බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාව රජවරුන් 182 දෙනකු විසින් පාලනය කර තිබෙන අතර එම සියලුම රජවරුන් අනුස්‌මරණය කරමින් මෙම දානමය පිංකම පැවැත්වෙන බවත් රජවරුන්ට අමතරව වැව් තැනීමට දායක වූ එකල විසූ සියලු මුතුන් මිත්තන් සිහිපත් කර මෙම පිංකම පැවැත්වෙන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසීය.
විශේෂයෙන් මෙරට වාරි කර්මාන්තයට සංස්‌කෘතියට එම රජවරුන් කළ සේවය විදහා දැක්‌වෙන ප්‍රදර්ශනය බසවක්‌කුලම වැව පරිශ්‍ර භූමියේදී දින දෙකක් පැවැත්වෙන බව කී ඇමැතිවරයා රජයක් විසින් රජවරුන් සිහිපත් කර දානමය පිංකමක් පැවැත්වෙන ප්‍රථම අවස්‌ථාව මෙය බවත් සඳහන් කළේය.
මෙම පිංකම ශ්‍රී ලංකාවාසී සැමට දායකත්වය ලබා දිය හැකි වේ. ගොවිජන සේවා අමාත්‍යාංශය, දේශීය වාරි සංස්‌කෘතික උරුමය සුරැකීමේ සංවිධානය, බෞද්ධ සංවිධාන හා ගොවි සංවිධාන එක්‌ව මෙම පිංකම පවත්වයි.
අනුර බාලසූරිය
http://www.divaina.com/2014/05/14/news11.html
Pic Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!