කොළඹ 2, හුණුපිටියේ ගංගාරාම විහාරස්‌ථානයත් මේ දිනවල ළඟ ළඟ එන වෙසක් උත්සවය සඳහා සූදානම් වෙමින් සිටිනු දක්‌නට ලැබිණි. නිතරම අලුත් යමක් ඉදිරිපත් කිරීමේ නිරතවන ගංගාරාමාධිපති ගල්බොඩ සිරි ඤණිස්‌සර නාහිමියෝ (පොඩි හාමුදුරුවෝ) මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කිරීම සඳහා අලුත්ම ධාතු මන්දිරයක් විහාරස්‌ථානය ඇතුලේම නිර්මාණය කරවා ඇත. තායිලන්ත බෞද්ධ සම්ප්‍රදාය අනුව නිම කෙරෙමින් පවතින එම ධාතු මන්දිරය වෙසක් උළෙලින් පසුවද විහාරස්‌ථානයේ ස්‌ථිරවම තැන්පත් කරවීමට පොඩි හාමුදුරුවෝ පියවර ගෙන සිටිති. ඉතා කලාත්මක අයුරින් නිමවෙන මෙම ධාතු මන්දිරයේ අවසන් සැරසිලි කටයුතු තායිලන්තයෙන්ම ගෙන්වූ කලාකරුවන් අතින් මේ දිනවල සිදුකෙරේ. මෙහි දැක්‌වෙන්නේ තායි ජාතික දෙදෙනෙක් එම සියුම් නිර්මාණවල නියෑලී සිටින අවස්‌ථාවකි.
සටහන සහ පින්තූර - ධර්මසේන වැලිපිටිය
http://www.divaina.com/2014/05/12/news12.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!