නව තාක්ෂණය අපට ගැලපෙන අයුරින් හැඩගස්සවා ගත යුතු යෑයි ද පැවසු ඇමැතිවරයා කලාකරුවන්ගේ ආත්ම ගරුත්වය රැක ගැනීම අත්‍යවශ්‍ය කරුණක් යෑයි ද පැවැසීය.
පාඨලී චම්පික ඇමැතිවරයා එම අදහස් පළ කළේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ නව සභාපති ලෙස ඊයේ (02 වැනිදා) මධුමාධව අරවින්ද මහතා වැඩ භාර ගැනීමේ උත්සවයේදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා,
මිනිසුන් හා සතුන් වෙන්ව හඳුනා ගැනීමට දිය හැකි සරලම උත්තරය මිනිසුන්ගේ නිර්මාණශීලීත්වයයි. මිනිස් ශිෂ්ටාචාරය මෙතරම් දුර පැමිණීමට ප්‍රධාන සාධකය වුණේ මිනිසාගේ නිර්මාණශීලීත්වයයි.
බස්නාහිර පළාත් ඇමැති උදය ගම්මන්පිල, බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපති මධුමාධව අරවින්ද, බස්නාහිර පළාත් කෘෂිකර්ම, ගොවිජන සංවර්ධන අමාත්‍යාංශ ලේකම් එන්. නීලවල, සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහ යන මහත්වරු ද අදහස් දැක්වූහ.
මෙම අවස්ථාවට මධුමාධව අරවින්ද මහතාගේ බිරිඳ, දෙමවුපියන් ඇතුළු විශාල පිරිසක් එක්වූහ.
සිරිමන්ත රත්නසේකර
http://www.divaina.com/2014/05/03/news22.html






0 comments:
Post a Comment