Pages - Menu

Pages

Pages

Wednesday, May 21, 2014

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරයකට මෛත්‍රීපාල

ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය සඳහා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (19 දා) පත්විය.

ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන මූලස්‌ථානයේ ඊයේ පෙරවරුවේ ආරම්භ වූ ලෝක සෞඛ්‍ය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ මෛත්‍රීපාල සිරිසේන මහතා එම සංවිධානයේ උප සභාපති ධුරයට තේරී පත්විය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් මාග්‍රට්‌ චැංග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් මෙම සම්මේලනය ඇරැඹිණි.

අජිත් අලහකෝන්
http://www.divaina.com/2014/05/20/news05.html

මෛත‍්‍රීපාල අපේ උප සභාපති නොවේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

තම සංවිධානයේ උප සභාපති ධුරයට ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා පත් කල බවට පලවන වාර්තා දෝෂ සහිත බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මේ බව දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එහි නිල twitter වෙබ් පිටුව ඔස්සේ නිකුත් කර ඇති පණිවිඩයකිනි.

67 වන ලෝක සෞඛ්‍ය සම්මේලනයේදී සංවිධානයේ උප සභාපතිවරුන් 5 දෙනා අතරින් එක් අයෙකු ලෙස පමණක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා පත් වූ බවත් එය ලෝක සෞඛ්‍ය සංවිධානයේ උප සභාපති ධුරය නොවන බවත් එම twitter පණිවුඩයෙහි දැක්වේ.

http://lankacnews.com/sinhala/news/115958/
WHO-mithr

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!