Pages - Menu

Pages

Pages

Wednesday, May 21, 2014

ලොව සුවිසල් ප්‍රකෝටිපති මන්දිර - ලෝකයේ සුවිසල්ම නිවසේ හිමිකරු මුකේෂ් අම්බානි

ලෝකයේ ප්‍රකෝටිපතියාට හිමි, වටිනාකම මිල කළ නොහැකි ඒක පුද්ගල මන්දිරය පිහිටා තිබෙන්නේ ඉන්දියාවේ මුම්බායි නගරයේය. වර්තමානයේ මුම්බායි ලෙස හැඳින්වෙන්නේ අතීතයේ බොම්බාය ලෙසින් (BOMBAY බොම්බේ) හැඳින්වූ නගරයයි. ඉතින්, මේ නිවසේ හිමිකරු කවුදැයි කියනවා නම්, ඔහුගේ නම මුකේෂ් අම්බානිය. මුකේෂ් අම්බානි ඉන්දියාවේ සීමාසහිත රිලයන්ස්‌ කර්මාන්ත සමූහයේ සභාපතිවරයා වේ.

අම්බානිගේ මුම්බායි සුවිසල් මන්දිරයේ තට්‌ටු 27 කි. එම මන්දිරයේ ප්‍රමාණය වර්ග අඩිවලින් කියනවා නම්, වර්ග අඩි හාරලක්‍ෂයකි.

මුකේෂ්ගේ පියාවන්නේ දිරුභානී අම්බානිය. යේමනයේ ගෑස්‌ කම්හලක සුළුසේවකයකු ලෙස ජීවිතය ඇරඹූ දිරුභාන්ගේ වැඩිමහල් පුත්‍රයා වන්නේ අපේ කතානායක මුකේෂ්ය. මුකේෂ් මුම්බායිහි සරසවියක උපාධිධාරියකුවන අතර පසුව ඇමෙරිකාවේ සරසවියකින් "එම්බීඒ"උපාධිය ලැබීමට සූදානමින් සිටියද තම පියාගේ කර්මාන්ත ශාලාවේ වගකීම් ඔහු වෙත පැවරුණු බැවින් ඔහු ඇමෙරිකාවේ උපාධිය ලැබීමට නොගොස්‌ මුම්බායිහිම නතරවී තම ව්‍යාපාර දිනෙන් දින දියුණුවට පත්කළේය.

මුකේෂ්ගේ බිරිය වන නීටා අම්බානි ලොව ජනප්‍රිය "අයිපීඑල්" ක්‍රිකට්‌ තරගාවලියේ එක්‌ කණ්‌ඩායමක හිමිකාරිය වේ.


මුකේෂ්ගේ සුවිසල් මන්දිරයේ පොළොව යට පමණක්‌ (අන්ඩර් ග්‍රවුන්ඩ්) වාහන නැවතීම සඳහා තට්‌ටු 6 ක්‌ වෙන් කර ඇත. ඒ අතර හෙලිකොප්ටර් ගොඩබෑම සඳහා (චොපර් පෑඩ්ස්‌) තැන් තුනක්‌ උඩ තට්‌ටුවක තිබේ. මෙම සුවිසල් මන්දරයේ වැඩකටයුතු සඳහා දිනකට සේවයේ යොදවා ඇති ගැහැනු පිරිමි සංඛ්‍යාව 600 කි. මුකේෂ්ගේ වයස අවුරුදු 57 කි.

ලන්ඩන් නුවර වෙසෙන ඉන්දියන් ජාතික ලක්‍ෂ්මී මිත්තාල්ගේ මන්දිරය ලොව දෙවැනි පෞද්ගලික සුවිසල් මන්දිරය වේ. ඒ මන්දිරය ලන්ඩන් නුවර පිහිටා ඇති ප්‍රදේශය හඳුන්වන්නේද "බිලියනර්ස්‌ රෝ" යනුවෙනි. එය සිංහල භාෂාවෙන් කියනවා නම් ප්‍රකෝටිපතිගේ පේළිය (රෝ) ලෙස හැඳින්විය හැකිය.

ලොව තුන්වැනි වටිනාම පෞද්ගලික සුවිසල් මන්දිරයේ හිමිකරු වන්නේ අයිරා රෙහර්ට්‌ය. අයිරා රෙහර්ට්‌ ඇමෙරිකානුවෙකි.

ලොව පුරා අතිවිශාල වශයෙන් අලෙවි වන ඇමෙරිකානු ව්‍යාපාර සඟරාව වන "ෆෝබ්ස්‌" සඟරාවේ අලුත්ම කලාපයේ මෙම කරුණු හෙළිකර ඇත.

එස්‌. වෙන්කට්‌ නාරායන් (ඉන්දියාවේ "දිවයින" සහ "දි අයිලන්ඩ්" විශේෂ වාර්තාකරු)
http://www.divaina.com/2014/05/19/forign02.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!