ඓතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති වේඬරුවේ උපාලි නාහිමියන්ගේ අනුශාසනා පරිදි දාන, ශීල, භාවනාදි පූජාවන්ට මුල්තැන දෙමින් මෙහි පිංකම් සංවිධානය කර තිබේ. මීට අමතරව ඓතිහාසික සෝමාවතිය පුදබිම, දිඹුලාගල ආරණ්‍ය, සේනාසනය, මින්නේරිය නාගලකන්ද ආරණ්‍යය, ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය ආදී පූජනීය ස්ථානවලදී පෙහෙවස් සමාදන්වීමේ පිංකම් පැවැත්වේ.
මේ අතර රජය වෙසක් උත්සවය මේ මස 15 වැනි දින පස්වරු 2.30 ට පොලොන්නරුව පුලතිසි බුද්ධි මණ්ඩපයේදී අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක බල මණ්ඩල අටකට අයත් තෝරා ගත් ස්වාමීන් වහන්සේලා අට නමකගේ මාපියන් වෙත නව නිවාස තනාදී ඒවායේ යතුරු ඔවුනට බාරදීම අගමැති දි.මු. ජයරත්න මහතා අතින් එදින සිදු කිරීමට නියමිතය.
බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව, සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලය සහ පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම බුදුපුත් මාපිය උපහාර උත්සවය සංවිධානය කර තිබේ.
කරුණාරත්න ගමගේ
http://www.divaina.com/2014/05/14/news22.html
Pic Source






0 comments:
Post a Comment