Pages - Menu

Pages

Pages

Friday, May 9, 2014

බුදුන්වහන්සේට විශාලා වැසියන් පරිත්‍යාග කළ පාත්‍රය කාබුල් කටුගෙයි

කාබුල් නුවර කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බුදුන් වහන්සේගේ පාත්‍රය විශාලා මහනුවර (වෛශාලි) වැසියන් විසින් පරිත්‍යාග කරන ලද්දක්‌ බව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

ලිච්ඡවි රජදරුවන්ගේ රාජධානිය වූයේ විශාලා මහනුවරයි.

මීටර් 1.75 ක විෂ්කම්භයක්‌ ඇති මෙම පාත්‍රයේ පර්සියන් අක්‍ෂර පේළි හයක්‌ කොටා ඇති අතර ඒ පිළිබඳ තමන් පරීක්‍ෂා කිරීම පිණිස කාබුල් නුවරට ගියබව ඉන්දීය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයකු වන ජී. එස්‌. ක්‌වාන් කියයි.

මේ පර්සියන් අකුරු පරීක්‍ෂා කිරීමෙන් පසුව විශාලා මහනුවර හා මෙම පාත්‍රය අතර ඇති සම්බන්ධය ගැන වඩාත් තොරතුරු ලබාගත හැකි බව එම අධ්‍යක්‍ෂවරයා කීය.

මෙම පාත්‍රය තමන්ට ලබාදෙන ලෙස ඉන්දීය ආණ්‌ඩුව ඇෆ්ගන් රජයෙන් ඉල්ලීම් කර ඇත.

චතුර පමුණුව
http://www.divaina.com/2014/05/09/news14.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!