Pages - Menu

Pages

Pages

Wednesday, June 11, 2014

සෝමාවතිය පුද බිම මාර්ගය ජනපති අතින් අද විවෘත වේ

රුපියල් කෝටි 270 ක වියදමින් අංගසම්පූර්ණ ලෙස සංවර්ධනය කරනු ලැබූ පොළොන්නරුව, සෝමාවතිය පුද බිම මාර්ගය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අද (11 දා) පෙරවරුවේ විවෘත වේ.

පොළොන්නරුව සිට තඹාල, සුංගාවිල හරහා සෝමාවතිය පුද බිම දක්‌වා කිලෝ මීටර් 40 කින් යුත් මෙම මාර්ගය දේශීය මුදල් වැය කරමින් සංවර්ධනය කළ බව මහාමාර්ග, වරාය හා නාවික ව්‍යාපෘති ඇමැති නිර්මල කොතලාවල මහතා පැවසීය.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස්‌ හා මඟපෙන්වීම යටතේ මහින්ද චින්තන කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටහන මගින් ප්‍රතිසංස්‌කරණ කළ බවද ඇමැතිවරයා සඳහන් කළේය.

මාර්ගය ගංවතුර තර්ජනයට ඔරොත්තු දෙන ආකාරයට නවීකරණය කර තිබේ.

අනුර බාලසූරිය
http://www.divaina.com/2014/06/11/news11.html

Pic Source

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!