Pages - Menu

Pages

Pages

Monday, June 30, 2014

මහවැලි ගඟෙන් පිළිම හමු වේ

රංදෙනිගල මිනිපේ යෝධ ඇළ අමුණ අසල මහවැලි ගඟ හරහා වූ දියපැන්නුමට පහළින් වතුරේ ගිල්වා තිබූ පෞරාණික ගල් පිළිම 05 ක්‌ හා පිළිමයක පාදම කොටසක්‌ 28 දා සවස ගම්වැසියකු දැක හසලක පොලිසිය වෙත දන්වා ඇත.

හසලක පොලිස්‌ ස්‌ථානාධිපති රුවන් කුමාරසේකර මහතා ඇතුළු පොලිස්‌ නිලධාරීහු එම ස්‌ථානයට ගොස්‌ පරීක්‍ෂා කර බැලූ අතර එම පිළිම වෙනත් ස්‌ථානයකින් මෙම ස්‌ථානයට ගෙන එන ලද ඒවා බවත් මාස ගණනකට පෙර ගෙනැවිත් දමන්නට ඇති බවත් නිගමනය කරනු ලැබූහ. මෙම පිළිම පුරාවිද්‍යා නිලධාරීන් වෙත බාරදීමට නියමිතය.

මහියංගන - රංජිත් කරුණාවීර
http://www.divaina.com/2014/06/30/news16.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!