Pages
▼
කොටි ත්‍රස්තයන් නිසා ඇඳි වත පමණක් හිමිව ආ සිහළ ඥාතිවරුනි, ඔබේ ඉඩ කඩම් යළි ලැබගැනුමට ඔබට අවස්ථාවක්! යුද්ධයෙන් අහිමි වූ ඉඩම් මුල් හිමිකරුවන්ට දීමට "කාලාවරෝද" පනත එයි.
යුද්ධය හේතුවෙන් තම ඉඩම් හැරගිය පුද්ගලයන්ගේ දේපළ පසුව වෙනත් අය විසින් භුක්‌ති විඳින්නේ ඒවා යළි අයිතිකරුවන්ට ලබාදීමට නමි අදාළ කාලාවරෝද (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර ඇත.
අධිකරණ ඇමැති රාවුෆ් හකීම් මහතා මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අතර එයට පසුගියදා ඇමැති මණ්‌ඩලයේද අනුමැතිය ලබාගෙන ඇත.
දැනට පවතින කාලාවරෝද ආඥ පනතට අනුව යම් දේපළක් වසර 10 ක කාලයක් තුළ යම් අයෙකු භුක්‌ති විඳින්නේ නම් එහි අයිතිය එම පුද්ගලයාට හිමිකර ගැනීමට හැකියාව ඇත. මෙම තත්ත්වය නිසා විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත්වල මුල් හිමිකරුවන්ට බරපතළ ගැටලුවලට මුහුණ පෑමට සිදුව ඇති අතර ඊට පිළියම් යෙදීමද මෙහි අරමුණක්‌ව තිබේ.
1983 මැයි මස 01 වැනිදා සිට 2009 මැයි 18 වැනිදා දක්‌වා කාල සීමාව තුළ යුදමය ක්‍රියාකාරකම් හේතුවෙන් තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට හෝ විත්ති වාචක ඉදිරිපත් කිරීමට නොහැකි ජනතාවට මෙම පනතෙන් හිමිකම් ලබාදී ඇත.

තම අයිතිවාසිකම් අනුව ක්‍රියා කිරීමට නොහැකි වූ අවාසි සහගත තත්ත්වයට පත්වූ තැනැත්තෙකුට මේ පනත ක්‍රියාත්මක වීමෙන් පසු මාස 12 ක් ගතවන තුරු පනත මගින් ප්‍රදානය කරනු ලබන ප්‍රතිලාභ ලබා ගැනීමේ හිමිකම් පවතී.
රනිල් ධර්මසේන
http://www.divaina.com/2014/06/12/news19.html
Pic1
Source
Pic2
Source
Pic3
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!