Pages - Menu

Pages

Pages

Wednesday, June 4, 2014

ඩෙංගු මදුරුවා කාලසටහන වෙනස්‌ කරයි

ඩෙංගු මදුරුවා දෂ්ට කිරීමේ කාලය වෙනස්‌ කරගෙන ඇති බව කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශය විසින් කරන ලද පර්යේෂණවලදී හඳුනාගෙන ඇතැයි සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් පාලිත මහීපාල මහතා කියයි.

සාමාන්‍යයෙන් ඩෙංගු මදුරුවන් දෂ්ට කරන කාල වේලාව පෙරවරු 7.00 ට 9.00 සහ සවස 3.00 සිට 5.00 දක්‌වා කාලය වුවත් මෙම කාලය පෙරවරු 10.00 සිට 12.00 දක්‌වා සහ සවස 2.00 සිට 4.00 දක්‌වා වෙනසක්‌ ඇතිවී තිබෙන බවට විශ්වාස කරන බවද මහීපාල මහතා පැවැසීය.

පිරිසිදු ජලයේ පමණක්‌ බිත්තර දැමූ ඩෙංගු මදුරුවන් වර්තමානයේදී අපිරිසිදු ජලයේ බිත්තර දමන බවටද මෙම පර්යේෂණයේදී හඳුනාගෙන ඇත. කැලණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දීපිකා සමරසිංහ මහත්මිය ඇතුළු කණ්‌ඩායමක්‌ විසින් මෙම පර්යේෂණ සිදුකර ඇත.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
http://www.divaina.com/2014/06/02/news08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!