Pages - Menu

Pages

Pages

Tuesday, June 10, 2014

සිතුල්පව්ව ආලෝක පූජාව මෙවරත් උපාලි සමූහ ව්‍යාපාරයෙන්

පොසොන් පොහොය නිමිත්තෙන් සීමාසහිත උපාලි සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන සිතුල්පව්ව රජමහා විහාරයේ ආලෝක පූජාව මෙවරත් 11-12-13 යන දිනවල පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් කර ඇත.

ගාල්ල යටගල රජමහා විහාරයේ සහ සිතුල්පව්ව රජමහා විහාරයේ විහාරාධිපති පණ්‌ඩිත මැටරඹ හේමරතන නායක හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්‌ථ දායක සභාවේ හා ප්‍රදේශවාසීන්ගේ සහයෝගයෙන් මෙය සංවිධානය කෙරේ.

ජුනි 12 වැනිදා පොසෙන් පොහෝදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අතින් අලුතින් ඉදිකෙරුණු සමාධි මහා බුද්ධ ප්‍රතිමාව විවෘත කිරීමට ද නියමිතය. එසේම රන්වැට විවෘත කිරීම හා ජල යෝජනා ක්‍රමය විවෘත කිරීම පාර්ලිමේන්තු, කථානායක චමල් රාජපක්‍ෂ මහතා ඇතුළු ආරාධිතයන් අතින් සිදුකෙරේ.

ජුනි 16 වැනිදා උදෑසන 5000 කට අධික පිරිසක්‌ පෙහෙවස්‌ සමාදන්වීමට නියමිතය. එදින විශේෂ ධර්ම දේශනා, භාවනා වැඩසටහන්, බෝධි පූජා, අටවිසි බුද්ධ පූජා ඇතුළු වැඩසටහන් රැසක්‌ද ක්‍රියාත්මක කෙරේ.

මෙයට සමගාමීව යෝධ කණ්‌ඩිය වැව අසල ජුනි 12 හා 13 යන දෙදින තුළ දිවා රාත්‍රී දෙකේදීම බත් දන්සල් පැවැත්වේ.

ලූණුගම්වෙහෙර -  තලල්ලේ ප්‍රඥාරත්න
http://www.divaina.com/2014/06/10/news06.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!