Pages - Menu

Pages

Pages

Thursday, July 10, 2014

අධි බල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10ක් සහ තවත් බඩු සමග කොටුවූ මූසලුවා අලි හුසේන්ට ඇප ප්‍රතික්‍ෂේපයි!

පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුට ඇප ලබාදීම තවදුරටත් ප්‍රතික්‍ෂේප කළ අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසාවිනිසුරු යුරේෂාද සිල්වා  මෙනෙවිය ඔහු තවදුරටත් මේ මස 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළාය.

රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ නොච්චියාගම ප්‍රාදේශීය සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ පුත්තලම පාර නොච්චියාගම ඉන්ධන පිරවුම්හල නොච්චියාගම ලිපිනයේ පදිංචි බාවාදී අලි හුසේන් (52) යන අයයි. මෙම පුද්ගලයා පසුගිය වසර කිහිපය තුළදී පැවැති ප්‍රාදේශීය සභා මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කර පරාජයට පත්වූ පුද්ගලයෙකි.

අනුරාධපුර ධර්මපාල මාවතේ ඉන්ධන හල ආසන්නයේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10ක් විද්‍යුත් ඩෙටනේටර් 500ක් ඩෙට් කෝඩ් වයර් මීටර් 40ක් සහ තරාදියක් සමග සැකකරු හා ඔහු ගමන් ගත් ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබුණි.

Lakbima

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!