අලි, කොටි වළසුන් කෙසේ වෙතද මුවන් ගෝනුන්, ඌරන් ඇතුළු කුඩා සතුන් දිය පොදක් තොලගානු රිසියෙන් වතුර වළකට ඇදෙන්නේ හද ගැහෙන බියකිනි. ගොදුරු පිපාසාවෙන් පෙළෙන කිඹුලන්, කොටින් ඇතුළු මාංශ භක්‍ෂකයන්ට මේ ශුෂ්ක කාලය තරමක් ආහාරවලින් සුලභ වන්නේ දිය පිපාසාවෙන් කෙම් වෙත ඇදෙන සතුන් පහසුවෙන් ගොදුරුකරගත හැකි නිසාය. එවන් දුක්‌බර දසුන් කිහිපයක්‌ම දැකගන්නට මා හට අවස්‌ථාව උදාවූයේ දින කිහිපයකට යාල උද්‍යානයේ හීන්වැව සංචාරක නිවහන වෙන්කරගෙන ගතකළ දින කිහිපයක කාලයේදීය. බොර පැහැගැන්වුණු වතුර වළ තුළ කිමිද සිටින කිඹුලන් එහි වතුර පොදක් තොලගාන්නට පැමිණි මුව පොව්වන් කිහිප දෙනකුම ගොදුරු කරගත් අයුරු වේදනා සහගත නමුදු එය සොබාදහමේ රිද්මය බවද මෙහිදී අප අමතක කළ යුතු නැත.
රජිත ප්‍රනාන්දු
http://www.divaina.com/2014/07/15/feature03.html
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!