Pages - Menu

Pages

Pages

Friday, August 15, 2014

සුන්දර මඬුල්ල ඔය

වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ගේ නෙත් සිත් ඇද බැඳ ගන්නා දර්ශනීය ස්‌ථාන රැසක්‌ තිබුණත් එම දර්ශනීය ස්‌ථාන සංවර්ධනය නොවී හුදෙකලා වූ ස්‌ථාන බවට පත්ව තිබීම නිසා දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට දැක බලා ගැනීමේ අවස්‌ථාව අහිමි වී ගොස්‌ ඇත.


මඬුල්ල ප්‍රදේශය හරහා රන්ටැඹේ ජලාශයට ගලා බසිනා මඩුල්ල ඔයේ ජල කඳ ගොළුවලේ නමැති ස්‌ථානයේ දී විශාල ගලක්‌ යටින් ගලාගොස්‌ ජල කඳ පිටතට මතුවන ස්‌ථානයේ ස්‌වභාවිකව සැදී ඇති දොරටුවක්‌ වැනි ස්‌ථානයකින් ගලා එන ජලකඳ ඉතා දර්ශනීය ස්‌ථානයක්‌ බවට පත්ව ඇත.

මෙම ස්‌ථානයෙන් ගලා බසින ජල කඳ සමග ගලා යන කුඩා ගල්කැට ගල්වල වැදී අවට "ආවාට" වැනි දර්ශනීය ආකාරයේ වළවල් සෑදී ඇත. ජලය සමග ගලා යන කුඩා ගල් කැට ගල්වල වැදී මේ ආකාරයෙන් "ආවාට" වැනි වළවල් සෑදෙන බව ප්‍රදේශයේ පැරැන්නන්ගේ මතය වී තිබේ.
මෙම ස්‌ථානය සංවර්ධනය කර දෙස්‌ විදෙස්‌ සංචාරකයන්ට විවර කරන්නේ නම් එම ස්‌ථානය ස්‌වභාව සෞන්දර්යයේ අපූරු තැනක්‌ බවට පත්කළ හැකිය.

මධ්‍යම පළාත් සංචාරක අමාත්‍යාංශය, වලපනේ ප්‍රාදේශීය සභාව හා වලපනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දැඩි අවධානය යොමු වුවහොත් මෙම ස්‌ථානය සංචාරක ආකර්ශනීය ස්‌ථානයක්‌ බවට පත්කළ හැකි බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. 

ඒ මගින් ප්‍රදේශයේ ජනතාවට ආදායම් උපයාගත හැකි මාර්ගයක්‌ මෙන්ම මඩුල්ල ප්‍රදේශය තවත් සුන්දර ගමක්‌ වනු ඇත.

වලපනේ - අරුණ ඩයස්‌
http://www.divaina.com/2014/08/15/provin08.html

No comments:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!