Pages
▼
රාජිත කොටි සමග ඍජු සම්බන්ධතා. ඉඩම් කොල්ලකාල. හිතවතුන් කේරළ ගංජා සහ මත්කුඩු ජාවාරම්වල. හිරේ යන්න සැරසෙන්න - බොදුබල සේනා
ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එල්ලවී තිබෙන දුෂණ අක‍්‍රමිකතා සහ අපරාධ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එම සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මේ බව කියා සිටියේ කොළඹ අද (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. එහිදී අමාත්‍යවරයා සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් කියා සිටියේ අමාත්‍යවරයාගේ හිතවතුන් කේරළ ගංජා සහ මත්කුඩු ජාවාරම්වල නිරතවන බවයි. රාජිත සේනාරත්න අමාත්‍යවරයා කොටි සංවිධානය සමග ඍජු සම්බන්ධතා පැවැත්වූ අයෙකු බවටද උන්වහන්සේ චෝදනා කළා. ඔහුට එරෙහි චෝදනා දින 3 ක් විමර්ශනය කළේ නම් ඔහු බන්ධනාගාර ගත කිරීමට ඕනෑතරම් කරුණු සොයාගත හැකි බව උන්වහන්සේගේ අදහසයි. ඒ සඳහා සූදානම් වන ලෙසටද ඥාණසාර හිමියන් ඇමති රාජිත සේනාරත්නට අභියෝග කළා.
http://www.hirunews.lk/sinhala/88870
Pic
Source
No comments:
Post a Comment
ඔබේ ප්‍රතිචාරය යාවත්කාලීන වේ! මොහොතක් දෙන්න!